ගැඹුරු ශිරා ත්‍රොම්බොසිය

ගැඹුරු(අභ්‍යන්තර) ශිරා ත්‍රොම්බොසියේ(DVT) ප්‍රධාන සංකූලතා දෙක නම් පෙනහැලි එම්බොලිස්ම් ( pulmonary embolism) සහ පසු ත්‍රොම්බොටික් සහලක්ෂනයයි (post-thrombotic syndrome.

පෙනහැලි එම්බොලිස්ම් (pulmonary embolism)

DVT වල වඩාත් බරපතළ ම සංකූලතාවය නම් පෙනහැලි එම්බොලිස්ම් වේ. එහිදී රුධිර කැටියේ (DVT) කැබැල්ලක් කැඩී වෙන්වී එය රුධිරය හරහා පෙනහැලි වලට ගමන් කර එහි රුධිර නාලයක් අවහිර කිරීම සිදු කරයි. බරපතළ අවස්ථාවන්හිදී මෙය මාරාන්තික විය හැකියි.

කැටිය කුඩා නම් එය කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්විය හැක. කැටිය මධ්‍යම ප්‍රමාණයේ නම් එය පපුවේ වේදනාව සහ ශ්වසන අපහසුතා ඇතිකල හැක. විශාල කැටියක් මගින් පෙනහැලි වල බිද වැටීමක් සිදු වී එමගින් හදවත අකර්මණ්‍ය වීම (heart failure) සිදුවිය හැකි අතර එය මාරාන්තික විය හැකියි.

DVT සෑදී ප්‍රතිකාර නොකරන ලද අය 10ක් ගෙන් 1ක් අයෙකුට බරපතළ පෙනහැලි එම්බොලිස්ම් වර්ධනය විය හැකියි.

පසු ත්‍රොම්බොටික් සහලක්ෂනය (post-thrombotic syndrome)

ඔබ DVT වලින් පෙලෙන්නේ නම්, ඔබගේ කෙණ්ඩ( පාදයේ පහල කොටස) ප්‍රදේශයේ පසු ත්‍රොම්බොටික් සහලක්ෂනය නම් දීර්ඝ කාලීන රෝග ලක්ෂණ වර්ධනය විය හැකියි. පෙර DVT සෑදී ඇති අයගෙන් 20%-40% ත් අතර ප්‍රමාණයකට මෙය බලපායි.

ඔබට DVT ඇත්නම්, ඔබගේ කෙණ්ඩ ප්‍රදේශයේ ශිරාවේ ඇති ලේ කැටිය මගින් රුධිර ගමනාගමනය වෙනත් ශිරා වලට යොමු කිරීම සිදු කර ඒවායේ පීඩනය වැඩි කිරීම සිදු කල හැකිය. මෙය ඔබගේ කෙණ්ඩ ප්‍රදේශයේ පටක වලට බලපෑම් සිදු කල හැකි අතර පහත රෝග ලක්ෂණ වලට ද හේතු විය හැක:

ඔබගේ කලවා ප්‍රදේශයේ ශිරාවක DVT ඇති වුවහොත් පසු ත්‍රොම්බොටික් සහලක්ෂනය(post-thrombotic syndrome) ඇතිවීමේ අවධානම වැඩිකරයි. එසේම ඔබ තරබාරු නම් හෝ එකම කකුලේ එකකට වඩා වැඩි DVT ප්‍රමාණයක් ඇති වී ඇත්නම් එය ඇතිවීමේ ඉඩකඩ වඩා වැඩි වේ.